Nothern Melbourne Sri Lankan Association


තෙරුවන් සරණයි ....! බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය එකල්හී භාග්‍යවතුන් වහන්සේ පෙරවරුවේ සිවුරු හැඳ පොරවා ගෙන සිවුරත් පාත්‍රයත් රැගෙන කසීභාරද්වාජ බ්‍රාහ්මණයා ගේ සී සාන තැන පිහිටි දෙසට වැඩම කළ සේක. ඒ මොහොත වනාහී කසීභාරද්වාජ බ්‍රාහ්මණයා ගේ (සී සාන පිරිසට) ආහාර බෙදන වේලාව ය. භාග්‍යවතුන් වහන්සේ ද එම ආහාර බෙදන තැනට වැඩම කළ සේක. වැඩම කොට එකත්පස්ව සිටි සේක. පිඬු පිණිස වැඩම කොට සිටියා වූ භාග්‍යවතුන් වහන්සේව කසීභාරද්වාජ බ්‍රාහ්මණයා දුටුවේ ය. එසේ දැක භාග්‍යවතුන් වහන්සේට මෙසේ පවසා සිටියේ ය. එම්බා ශ්‍රමණය, මම වනාහී සීසාන කෙනෙක් වෙමි. වපුරන කෙනෙක් වෙමි. සීසෑම් ද කොට වැපිරීම් ද කොට අනුභව කරන කෙනෙක් වෙමි. ඔබ ද ශ්‍රමණය සී සෑ යුත්තේ ය. වැපිරිය යුත්තේ ය. සී සෑම් ද කොට වැපිරීම් ද කොට අනුභව කළ යුත්තේ ය. බ්‍රාහ්මණය, මම ද සීසාන කෙනෙක් වෙමි. වපුරන කෙනෙක් වෙමි. සීසෑම් ද කොට වැපිරීම් ද කොට අනුභව කරන කෙනෙක් වෙමි. අපි වනාහී පින්වත් ගෞතමයන් ගේ (සී සාන වපුරන) විය ගසක් හෝ නඟුලක් හෝ කෙවිටක් හෝ ගවයන් හෝ නො ම දකින්නෙමු. එසේ වී නමුත් පින්වත් ගෞතමයාණෝ, මෙසේ පවසන්නාහු ය. බ්‍රාහ්මණය, මම ද සීසාන කෙනෙක් වෙමි. වපුරන කෙනෙක් වෙමි. සීසෑම් ද කොට වැපිරීම් ද කොට අනුභව කරන කෙනෙක් වෙමි යි කියා ය. එකල්හී කසීභාරද්වාජ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් මෙසේ කීවේ ය කස්සකෝ පටිජානාසි න ච පස්සාම තේ කසිං කසිං නෝ පුච්ඡිතෝ බ්‍රෑහි යථා ජානේමු තේ කසිං පවසන නමුදු ඔබ ගොවියෙකු කියා අද අපි නොම දකිමු ගොවිතැන ඔබගේ සබඳ දැනගනු කැමති වෙමු අපි ඔබෙ ගොවිතැන ද පවසනු මැනවි අප හට එය කෙලෙසක ද? සද්ධා බීජං තපෝ වුට්ඨි පඤ්ඤා මේ යුගනංගලං හිරි ඊසා මනෝ යොත්තං සති මේ ඵාලපාචනං (භාග්‍යවතුන් වහන්සේ :) බිජුවට සැදැහැ විය - වැසි දහර ය තපස නුවණ ද මගේ - නගුල හා වියගස විලස නගුලිස ලැජ්ජාව විය - රැහැනය මනස හී වැල හා කෙවිට සලකනු සතිය ලෙස කායගුත්තෝ වචීගුත්තෝ ආහාරේ උදරේ යතෝ සච්චං කරෝමි නිද්දානං සෝරච්චං මේ පමෝචනං කය හා වචනය ද මම රැකගෙන සිටිමි දැනගෙන පමණ අහර ද අනුභව කරමි යහපත හැඳින නිදුකින් දිවි සතපවමි සලසන සැපත හඳුනාගෙන මම මිදෙමි විරියං මේ ධුරධෝරය්හං යෝගක්ඛේමාධිවාහනං ගච්ඡති අනිවත්තන්තං යත්ථ ගන්ත්වා න සෝචති වීරිය මගේ බර උසුලන දරන දෙය යොමු වී තිබෙන්නේ අම නිවන ම වෙත ය යයි කිසි තැනක නැවතීමක් නැතිව එය ගිය විට ඒ තැනට ඇති නොවේ ශෝකය ඒවමේසා කසීකට්ඨා සා හෝති අමතප්ඵලා ඒතං කසිං කසිත්වාන සබ්බදුක්ඛා පමුච්චතී’ති මාගේ සී සෑම කෙරුවේ මේ ලෙසය ඒ සී සෑම තුළ ලැබුණේ අමපලය මේ ලෙසින් සී සෑම කල විට හැම දුකින් අත් මිදෙයි එම විට අථ ඛෝ කසීභාරද්වාජෝ බ්‍රාහ්මණෝ මහතියා කංසපාතියා පායාසං වඞ්ඪෙත්වා භගවතෝ උපනාමේසි. භුඤ්ජතු භවං ගෝතමෝ පායාසං කස්සකෝ භවං යං හි භවං ගෝතමෝ අමතඵලං කසිං කසතීති. එවිට කසීභාරද්වාජ බ්‍රාහ්මණ තෙමේ ලොකු රන් බඳුනකට කිරි බතක් වඩා භාග්‍යවතුන් වහන්සේට පිළිගැන්වීය. “පින්වත් ගෞතමයන් වහන්සේ අමා පල ලබාදෙන සී සෑම කරන හෙයින් පින්වතාණන් ද ගොවියෙක් ම ය” යි. ගාථාභිගීතං මේ අභෝජනෙය්‍යං සම්පස්සතං බ්‍රාහ්මණ නේසධම්මෝ ගාථාභිගීතං පනුදන්ති බුද්ධා ධම්මේ සතී බ්‍රාහ්මණ වුත්තිරේසා (භාග්‍යවතුන් වහන්සේ :) වළඳනු සුදුසු නැත ගීයෙන් ලද බොජුන සිරිත ද නොවේ කෙනෙකුට දහමේ රැඳුන බුදුවරු නොවළඳති ගීයෙන් ලද බොජුන සලකුණු බමුණ මෙය දහමකි ලොව සැදුන අඤ්ඤේන ච කේවලිනං මහේසිං ඛීණාසවං කුක්කුච්ච වූපසන්තං අන්නේන පානේන උපට්ඨහස්සු ඛෙත්තං හි තං පුඤ්ඤපේඛස්ස හෝතී’ති පිරිපුන් ගුණ දමින් සපිරුනු උතුමන්ට සන්සුන් ගති දරණ නිකෙලෙස් රහතුන්ට අහරින් පැනින් ඒ උතුමන් සලකන්ට සුදුසු ය බමුණ පින් කෙත හඳුනාගන්ට අථ කස්ස චාහං භෝ ගෝතම, ඉමං පායාසං දම්මී’ති. “ ගෞතමයන් වහන්ස, එසේ නම් මේ කිරිබත මම කවර කෙනෙකුට දෙම් ද?” න ඛ්වාහං තං බ්‍රාහ්මණ පස්සාමි සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමණබ්‍රාහ්මණියා පජාය සදේව මනුස්සාය යස්ස සෝ පායාසෝ භුත්තෝ සම්මා පරිණාමං ගච්ඡෙය්‍ය අඤ්ඤත්‍ර තථාගතස්ස වා තථාගතසාවකස්ස වා. තේන හි ත්වං බ්‍රාහ්මණ, තං පායාසං අප්පහරිතේ වා ඡඞ්ඬේහි අප්පාණකේ වා උදකේ ඕපිලාපේහී’ති. “බ්‍රාහ්මණය, දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ - බමුණන් සහිත දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයේ යමෙකුට ඒ කිරිබත වැළඳූ විට මනාකොට දිරවන්නේ වේ ද, තථාගතයන් වහන්සේ නමක් හෝ තථාගත ශ්‍රාවකයෙක් හැර වෙන කිසිවෙකු නොම දකිමි. බ්‍රාහ්මණය, එසේ නම් ඔබ මේ කිරිබත රැගෙන නිල් තණ නොමැති තැනෙක හෝ දමව. ප්‍රාණීන් රහිත ජලයෙහි හෝ පා කොට හරව” යි. අථ ඛෝ කසීභාරද්වාජෝ බ්‍රාහ්මණෝ තං පායාසං අප්පාණකේ උදකේ ඕපිලාපේසි. අථ ඛෝ සෝ පායාසෝ උදකේ පක්ඛිත්තෝ චිච්චිටායති චිටිචිටායති සන්ධූපායති සම්පධූපායති. සෙය්‍යථා’පි නාම ඵාලෝ දිවසසන්තත්තෝ උදකේ පක්ඛිත්තෝ චිච්චිටායති චිටිචිටායති සන්ධූපායති සම්පධූපායති. ඒවමේව සෝ පායාසෝ උදකේ පක්ඛිත්තෝ චිච්චිටායති චිටිචිටායති සන්ධූපායති සම්පධූපාය. එවිට කසීභාරද්වාජ බ්‍රාහ්මණ තෙමේ ඒ කිරිබත ප්‍රාණීන් රහිත ජලයෙහි පා කොට හැරියේ ය. එවේලෙහි ජලයේ දැමූ ඒ කිරිබත ‘චිටි චිටි - චිටි චිටි’ යන හඬින් යුතුව දුම් දමන්නට විය. බොහෝ සෙයින් දුම් දමන්නට විය. දවසක් මුළුල්ලේ රත් වූ හී වැලක් ජලයට දැමූ විට ‘චිටි චිටි - චිටි චිටි’ යන හඬින් දුම් දමන්නේ, බොහෝ සෙයින් දුම් දමන්නේ යම් සේ ද, එසෙයින් ම ජලය දැමූ ඒ කිරිබත ද ‘චිටි චිටි - චිටි චිටි’ යන හඬින් යුතුව දුම් දමන්නට විය. බොහෝ සෙයින් දුම් දමන්නට විය. අථ ඛෝ කසීභාරද්වාජෝ බ්‍රාහ්මණෝ සංවිග්ගෝ ලෝමහට්ඨජාතෝ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවතෝ පාදේසු සිරසා නිපතිත්වා භගවන්තං ඒතදවෝච. එවිට කසී භාරද්වාජ බ්‍රාහ්මණ තෙමේ සංවේගයට පත්ව ලොමු දහ ගැනුනේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේගේ සිරි පතුල් අසල සිරසින් වැඳ වැටී භාග්‍යවතුන් වහන්සේට මෙසේ පැවසීය. අභික්කන්තං භෝ ගෝතම, අභික්කන්තං භෝ ගෝතම, “ ගෞතමයන් වහන්ස, ඉතා සොඳුරු ය. පින්වත් ගෞතමයන් වහන්ස, ඉතා සොඳුරු ය. සෙය්‍යථාපි භෝ ගෝතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්‍ය, පටිච්ඡන්නං වා විවරෙය්‍ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්‍ය, අන්ධකාරේ වා තේලපජ්ජෝතං ධාරෙය්‍ය චක්ඛුමන්තෝ රූපානි දක්ඛින්තී’ති. ඒවමේවං භෝතා ගෝතමේන අනේකපරියායේන ධම්මෝ පකාසිතෝ. යටට හැර වූ යමක් උඩට හරවා තබන්නේ යම් සේ ද, සැඟ වී තිබූ දෙයක් මතුකොට දක්වන්නේ යම් සේ ද, මංමුළා වූ කෙනෙකුට හරි මග පෙන්වා දෙන්නේ යම් සේ ද, ඇස් ඇත්තෝ රූප දකින්නාහ’යි අඳුරේ තෙල් පහනක් දරන්නේ යම් සේ ද, එසෙයින් ම ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් සද්ධර්මය ප්‍රකාශ කරන ලදී. ඒසා’හං භවන්තං ගෝතමං සරණං ගච්ඡාමි. ධම්මඤ්ච භික්ඛුසංඝඤ්ච. ඒ මම ද ගෞතමයන් වහන්සේ සරණ යමි. සද්ධර්මය ද, භික්ෂු සංඝයා ද සරණ යමි. ලභෙය්‍යා’හං භෝතෝ ගෝතමස්ස සන්තිකේ පබ්බජ්ජං, ලභෙය්‍යං උපසම්පදන්’ති. මම ගෞතමයන් වහන්සේගේ සමීපයේ පැවිදි බව ලබම්වා! උපසම්පදාව ද ලබම්වා!” යි. අලත්ථ ඛෝ කසීභාරද්වාජෝ බ්‍රාහ්මණෝ භගවතෝ සන්තිකේ පබ්බජ්ජං, අලත්ථ උපසම්පදං. අචිරූපසම්පන්නෝ ඛෝ පනායස්මා භාරද්වාජෝ ඒකෝ වූපකට්ඨෝ අප්පමත්තෝ ආතාපී පහිතත්තෝ විහරන්තෝ න චිරස්සේ ව යස්සත්ථාය කුලපුත්තා සම්මදේව අගාරස්මා අනගාරියං පබ්බජන්ති තදනුත්තරං බ්‍රහ්මචරියපරියෝසානං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි. කසීභාරද්වාජ බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ සමීපයේ පැවිදි බව ලැබුවේ ය. උපසම්පදාව ද ලැබුවේ ය. පිරිසෙන් වෙන්ව හුදෙකලාවේ ම අප්‍රමාවදීව කෙලෙස් තවන වීර්යයෙන් යුතුව තමා ගොඩ නැගූ ලෝකය අත්හැර දමා වාසය කිරීම පිණිස, යම් කුල පුත්‍රයෙක් යම් අර්ථයක් පිණිස ගිහිගෙයින් නික්ම මනාකොට පැවිද්දට පැමිණෙත් ද, උපසම්පදාව ලද නොබෝ කලකින් ආයුෂ්මත් භාරද්වාජයන් ද තමා තුළ ඇති කරගත් අවබෝධ ඤාණයෙන් උතුම් පැවිදි ජීවිතයේ එක ම අරමුණ වූ ඒ අර්හත්වය මේ ජීවිතයේදී ම සාක්ෂාත් කොට ඊට පැමිණ වාසය කෙළේය. ඛීණා ජාති. වුසිතං බ්‍රහ්මචරියං. කතං කරණීයං. නා පරං ඉත්ථත්තායා’ති අබ්භඤ්ඤාසි. අඤ්ඤතරෝ ච ඛෝ පනා’යස්මා භාරද්වාජෝ අරහතං අහෝසී’ති. (මෙසේ) යළි යළි ඉපදෙන ස්වභාවය අවසන් වී ගියේය. උතුම් ජීවිතයක් ගත කරන ලදී. නිවන් පිණිස කළ යුතු වූ හැම දෙය ම කරන ලදී. ජීවිතයේ දුක සකස් වීමක් යළි කිසිදා නැතැ’යි මනාව අවබෝධ කරන ලද්දේ ය. ආයුෂ්මත් භාරද්වාජ තෙරණුවෝ රහතන් වහන්සේලා අතර කෙනෙක් බවට පත් වූහ. කසීභාරද්වාජ සුත්තං නිට්ඨිතං. සී සාන භාරද්වාජ නිසා වදාළ දෙසුම නිමා විය. සාදු! සාදු!! සාදු!!! අප හා එක්වන්න #භව_කර්ම #follow_for_like ධර්ම දානය පිනිස බෙදාහරින සාදු !!! සාදු !!! සාදු !!!.