Dhamma Talks
2020-2022
Ripplebrook Online Dhamma Talks
2019
Aaraama Pooja 2019
10th Jan to 12th Jan Retreat
4th January at wonga place
31st December 2019
1st Nov to 10th Nov 2019
Dhamma Talk at Gamini & Jayantha's place
1.190308_Evening Talk
2. 190309_Morning Talk
3. 190309_Q&A Talk
4. 190309_Evening Talk
5. 190310_Morning Talk
6. 190310_Q&A
7. 190310_LunchTime-Dhana
8. 190310_Evening Talk
9. 190311_Morning-Sathipattana Sutta
Retreat Dece 2017
1.Jhana Nissaya Sutta
2. Chanki Sutta
3.Vibhanga Sutta-Satipattana
4.Jhana Nissaya Sutta
5.Parileyyaka Sutta
6.Annathittiya Sutta
7.Avijja Sutta
8.Kinmulaka Sutta
9.Tikandaki Sutta
10.Tikandaki Sutta
7th Feb to 9th Feb 2019
1. Friday 7th February 2019 Evening Talk
2. Saturday 8th February 2019 Early Morning Talk
3. Saturday 8th February 2019 Morning Talk
4. Saturday 8th February 2019 Afternoon Talk
5. Saturday 8th February 2019 Evening Talk
6. Sunday 9th February 2019 Morning Talk
7. Sunday 9th February 2019 Mid day Talk
7 & 8th Dec 2018
1. Friday 7th December 2018 Evening Talk
2. Saturday 8th December 2018 Early Morning Talk
3. Saturday 8th December 2018 Morning Talk
4. Saturday 8th December 2018 Afternoon Talk
5. Saturday 8th December 2018 Evening Talk
6. Sunday 9th December 2018 Morning Talk
7. Sunday 9th December 2018 Mid day Talk
16th Dec 2018 at Wonga Place Gowanbrae
21st to 28th Dec 2018
1. Friday 21st December 2018 Part 1
2.Friday 21st December 2018 Part 2
3. Saturday 22nd December 2018
4. Saturday 22nd December 2018
5.Saturday 22nd December 2018
6. උද්දේසිත සුත්‍රය දෙසැම්බර් 22,2018
6.Saturday 22nd December 2018
7. Saturday 22nd December 2018
8. Sunday 23rd December 2018
9.Sunday 23rd December 2018
10. චචක්ක සුත්‍රය - මජ්ජිම නිකාය - දෙසැම්බර් 23,2018
10.Sunday 23rd December 2018
11. Monday 24th December 2018
12.Monday 24th December 2018
13. Monday 24th December 2018
14. නිබ්බෙදිත සුත්‍රය - දෙසැම්බර් 24,2018
14.Monday 24th December 2018
15. Tuesday 25th December 2018
16.Tuesday 25th December 2018
17. Tuesday 25th December 2018
18.නන්දකෝවාද සුත්‍රය දෙසැම්බර් 25,2018
18.Tuesday 25th December 2018
19.Tuesday 25th December 2018
20.Wednesday 26th December 2018
24.පටිච්ච සමුප්පාද - දෙසැම්බර් 26,2018
21. Wednesday 26th December 2018
22.Wednesday 26th December 2018
23.Wednesday 26th December 2018
21.පටිච්ච සමුප්පාද - දෙසැම්බර් 27,2018
24.Thursday 27th December 2018
25.Thursday 27th December 2018
26. Thursday 27th December 2018
27.අධිවුර්ති පද සුත්‍රය - දෙසැම්බර් 28,2018
27.Thursday 27th December 2018
Retreat Friday 11th Jan to Sunday 13th Jan 2019
1.Friday 11th January 2019
2.Friday 11th January 2019
3.Saturday 12th January 2019
4.Saturday 12th January 2019
5.Sunday 13th January 2019
More to come....
රස වෑහෙන බණ කතා

ඔයාලා අනේක වාර අහල ඇති විසගෝර සර්පයා දැක නෑර මෝඩයා කියල කතාවක් මේ පාටයේ තේරුම විදියට ඔයාලගේ අර්තකතන නම් අනිවාර්යයෙන් විසගෝර සර්පයෙක් දැක්කම නොමර ඉන්න එක මෝඩකම කියන එකෛ ඒත් සැබැ අර්තය ඒක නෙමෙයි
මේක පද්‍ය පන්ති පද දෙකක් ඔයාලා දන්නවනේ අතීතෙ දර්මය ව්‍යාප්ත කරන්න හාමුදුරු කතා පද්‍ය පන්ති වැනි දේවල් බාවිත කරා කියලා මේත් මිනිසා ට තමා ගේ කටේ යතාර්ත්‍ය තමයි මේකෙන් තේරුම් කරලා දීලා තියෙන්නේ මේ කවියෙ තව මුල් පද දෙකක් තියනවා
දෙරන තුල තුබසයා
තුබසතුල නාගයා
විසගෝර සර්පයා
දැක නෑර මෝඩයා
මේ කවියෙන් ව්‍යන්ග අර්තයක් කිය වෙනවා
දෙරන කියන්නේ මිනිස් ශරීරයයි දෙරන තුල ඇති තුබස වන්නේ අපේ මුඛයයි මුඛය තුල ඉන්න නයා නම් දිවයි ඒ අපි කතා කරන්න දිව උපකාර කරනවා නේ මේ කවියෙන් කියවෙන්නෙ කට කියන්නෙ නයෙක් වගේ ආයුදයක් මොකද වචනෙකින් ලෝකය හදන්නත් විනාස කරන්නත් පුලුවන් ඒ නිසා කට පරිස්සමින් කට බාවිත කලයුතු බව දක්වනවා එලෙස වචන බරපතළ බව නොදනී කට නොඇරසිටීම යහපත් බව දක්වනවා
තෙරුවන් සරණයි ....!
සැදැහැවත් ඔබ විසින් ඖෂධ වර්ග පුජා කිරීමේදී වැදගත් වන ප්‍රධාන ඖෂධ වරග 108 පිළිබඳව දැනුවත් කරමි.
සැදැහැවත් ඔබ විසින් ඖෂධ වර්ග පුජා කිරීමේදී වැදගත් වන ප්‍රධාන ඖෂධ වරග 108 පිළිබඳව දැනුවත් කරමි.
👉 ඒ ඖෂධ වර්ග...
1. ඒකාවේරිය.
2. ඉරිවේරිය.
3. කප්පරවල්ලිය.
4. නීරමුල්ලිය.
5. නාමල් රේණු..
Read More
තෙරුවන් සරණයි ....!
තුන් වරක් සාදු ... සාදු.... සාදු..... කියන්නේ ඇයි ?
දැන් විමසා බලමු
මේ පුංචි “සාදු” කියන වචනය තුලින්
අපට මේ සිත දමනය කරගැනීමේ,
කුසලය උත්පාදනය කරගැනීමේ,
සියලු පව් අකර්මන්‍ය කරදැමීමේ .
Read More
තෙරුවන් සරණයි ....!
ින හා කුසලය එකක්ද? දෙකක්ද ? එකම ධර්මතාවයකට කියන නම් දෙකක්ද?
අද කාලේ බොහෝ දෙනෙක්ට තියන ගැටළුවක් තමයි පින හා කුසලය එකක්ද? දෙකක්ද ? එකම ධර්මතාවයකට කියන නම් දෙකක්ද? යන ප්‍රශ්නය.
Read More
තෙරුවන් සරණයි ....!
- දිව්‍ය ලෝක -
සත්වයන් කම් සැප බහුලව විදින ලෝකවලට "කාමාවචර සුගති " යන නම යෙදේ.
- දිව්‍ය ලෝක -
සත්වයන් කම් සැප බහුලව විදින ලෝකවලට "කාමාවචර සුගති " යන නම යෙදේ. මිනිස් ලොව කාමාවචර සුගති ගණයටම අයත් වේ . එබැවින් මිනිසෙකු ලෙස උප්පත්තිය ලබනුයේ කුසල කර්ම වල විපාක හේතු කොට ගෙනය. මිනිස් ලොව හැරුණු කොට තවත් කම් සැප බහුල තැන් 6 ගැන සුත්‍ර ධර්මයෙහි දැක්වේ .ඒවා කාමාවචර දිව්‍ය ලෝක නම් වේ කාමාවචර දිව්‍ය ලෝක ගණන 6 කි.
Read More
තෙරුවන් සරණයි ....!
භාවනාවෙන් ආයුෂ අවුරුදු 4000 ක් වැඩි කරගන්නේ කෙසේද ? තායිලන්තයේ ඉන්න අවුරුදු 4000 ක් වයස බෞද්ධ භික්ෂුව.
බළංගොඩ ආනන්ද මෛත්‍රිය මහා නාහිමිපාණන් වහන්සේ පෙර භවය පිළිබඳ ප්‍රකාශ, භාවනාවෙන් ආයුෂ අවුරුදු 4000 ක් වැඩි කරගන්නේ කෙසේද ? තායිලන්තයේ ඉන්න අවුරුදු 4000 ක් වයස බෞද්ධ භික්ෂුව.
භාවනාවෙන් ලෙඩ නැති කරගන්නේ කෙසේද ? ආයුෂ වැඩි කරගන්නේ කෙසේද ?
Read More
තෙරුවන් සරණයි ....!
එකල බුදුරදුන් ගේ නුවණ නමැති දැල තුළට ශරීරය කුණුවී ගියත් රහත්වීමට හේතුවන පිනින් අඩු නොවු පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේ පෙනුණු සේක.
සැවැත් නුවර වාසය කළ එක් කුල දරුවෙක් බුදුරදුන් දෙසු බණ අසා පැහැදී පැවිදි උපසම්පදාව ද ලබා ගත්හ. උන්වහන්සේ ප්‍රකට වූයේ “තිස්ස” යන නමිනි.
Read More
තෙරුවන් සරණයි ....!
කළයුතු නොකළ යුතු කථා
කළයුතු නොකළ යුතු කථා
අංගුත්තර නිකායේ තික නිපාතයේ සඳහන් “ගුථභාණි සූත්‍රය” බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ කැමැත්තෙන්ම භික්ෂූන් වහන්සේ රැස්කරවා දේශනා කරනු ලැබූ සූත්‍ර ධර්මයක්.
මහණෙනි,,,
මේ ලෝකයේ පුද්ගලයන් වර්ග තුනක් දක්නට ලැබෙනවා.
ඔබ වහන්සේලා එම වර්ග තුන මොනවාද කියලා දන්නවාද?
එම තුන් වර්ගය තමයි
ගුථ භාණි,
ප්‍රවිථ භාණි,
මධු භාණි
Read More
තෙරුවන් සරණයි ....!
ගිරිමානන්ද උපදේශය
ගිරිමානන්ද උපදේශය
“ගිරිමානන්ද සූත්‍රයෙන්” කයෙහි දුබලබව දුරු කර, සිතෙහි සහනය ඇති කර ගැනීමට දෙන උපදේශාර්ථය කුමක්ද?
වරක් දෙව්රම් වෙහෙරේදී ආනන්ද හිමියන් විසින් දැඩි ලෙස රෝගීව ගිලන්ව හිටි ගිරිමානන්ද තෙරුන් පිළිබඳව බුදුරදුන්ට සැලකර සිටිනු ලැබුවා. එවිට බුදුරදුහු අනිත්‍ය,අනාත්ම, අශුභ, ආදීනව, ප්‍රහාණ, විරාග, නිරෝධ,අනභිරත, සර්ව සංසාරයන්හි අනිත්‍ය හා ආනාපනාසති යන සංඥා අසා ගිරිමානන්ද මහණුන්ගේ රෝගාබාධ හේතු විසින් සන්සිඳෙන්නේය යැයි ආනන්ද හිමියන්ට කීහ. ඒ මෙසේය.
Read More
තෙරුවන් සරණයි ....!
ඉන්දියාවේ බුදු සසුනට මොකද වුණේ ?
ඉන්දියාවේ බුදු සසුනට මොකද වුණේ ?
බොහෝ දෙනෙකු අසන ප්‍රශ්නයකට සැබෑ ලෙසම ඉතිහාස අධ්‍යනය තුලිනුත්, ධර්මය තුලිනුත් සත්‍යය සොයමු.....
හින්දු නමින් ආගමක් ඇතිවූයේ මෑතකදීය. බුද්ධ කාලයේදී හින්දු යන නාමයවත් අසන්නට නොතිබුණි. සූත‍්‍ර දේශනා අනුව එකල තිබුණේ වේද තුනකි. එනම් ඍග්, යජූර්, ශ්‍යාම් යන වේදයන්ය. ඊට අමතරව බ‍්‍රාහ්මණ හා උපනිශද් වශයෙන් ග‍්‍රන්ථ තිබුණු බව පෙනේ. කුලභේදය මුල්බැසගෙන තිබුණත් ජනතාව අතර යම්කිසි නිදහසක් තිබුණි. නිදහස් ආගමික කණ්ඩායම් ඉස්මතු වී තිබුණි. පරිබ‍්‍රාජකයන්, තාපසයන්, නිගණ්ඨයන් ද වැජඹී සිටියහ. බුද්ධ කාලයේදී ශාස්තෘවරු හයදෙනෙකු චිරප‍්‍රසිද්ධව සිටි බව සාමඤ්ඤඵල සූත‍්‍ර ආදියෙන් පැහැදිලිව පෙනේ. ඇත්තෙන්ම එකල බ‍්‍රාහ්මණයන්ට අදාළව විශේෂ ආගමක් නොතිබුණි. ඔවුන්ගේ ප‍්‍රධාන කාර්යයක් වූයේ රාජ්‍ය අනුශාසනයත්, යාගහෝම කිරීමත්, දන්පැන් පිළිගැනීම් ආදියත්ය. එ් බව මේ ශ්ලෝකයෙන්ද පැහැදිලි වේ.
Read More
තෙරුවන් සරණයි ....!
බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය
එකල්හී භාග්‍යවතුන් වහන්සේ පෙරවරුවේ සිවුරු හැඳ පොරවා ගෙන සිවුරත් පාත්‍රයත් රැගෙන කසීභාරද්වාජ බ්‍රාහ්මණයා ගේ සී සාන තැන
පිහිටි දෙසට වැඩම කළ සේක. ඒ මොහොත වනාහී කසීභාරද්වාජ බ්‍රාහ්මණයා ගේ (සී සාන පිරිසට) ආහාර බෙදන වේලාව ය. භාග්‍යවතුන් වහන්සේ ද එම ආහාර බෙදන තැනට වැඩම කළ සේක. වැඩම කොට එකත්පස්ව සිටි සේක. පිඬු පිණිස වැඩම කොට සිටියා වූ භාග්‍යවතුන් වහන්සේව කසීභාරද්වාජ බ්‍රාහ්මණයා දුටුවේ ය. එසේ දැක භාග්‍යවතුන් වහන්සේට මෙසේ පවසා සිටියේ ය.
එම්බා ශ්‍රමණය, මම වනාහී සීසාන කෙනෙක් වෙමි. වපුරන කෙනෙක් වෙමි. සීසෑම් ද කොට වැපිරීම් ද කොට අනුභව කරන කෙනෙක් වෙමි. ඔබ ද ශ්‍රමණය සී සෑ යුත්තේ ය. වැපිරිය යුත්තේ ය. සී සෑම් ද කොට වැපිරීම් ද කොට අනුභව කළ යුත්තේ ය.
බ්‍රාහ්මණය, මම ද සීසාන කෙනෙක් වෙමි. වපුරන කෙනෙක් වෙමි. සීසෑම් ද කොට වැපිරීම් ද කොට අනුභව කරන කෙනෙක් වෙමි.
Read More
තෙරුවන් සරණයි ....!
‘සප්ත විශුද්ධි ප්‍රතිපදාව ‘
බෞද්ධයාගේ පරම පැතුම නිවන යි. ඒ සඳහා සතර මාර්ග ඤාණ ලබාගත යුතු වෙයි. ඊට ළඟාවීමේ මාර්ගයක් ලෙස මෙම ‘සප්ත විශුද්ධි ප්‍රතිපදාව ‘ හඳුන්වා දිය හැකිය. ‘විශුද්ධිය ‘ යනු පිරිසුදු බවයි. සසර සැරිසරන විට නිරන්තරයෙන් කෙලෙස් නමැති මලවලින් අපිරිසුදු වන පෘථග්ජන සත්වයාගේ සිත විශේෂයෙන් පිරිසුදු බවට පත්කරන ධර්ම ‘විශුද්ධි ධර්ම’ ලෙස හඳුන්වන අතර, එවැනි කාරණා හතක් එහි දැක්වෙයි. මෙය, ‘සප්ත විශුද්ධිය ‘ ලෙස හඳුන්වනු ලැබේ.එනම්
1. සීල විශුද්ධිය
2. චිත්ත විශුද්ධිය
3. දිට්ඨි විශුද්ධිය
4. කංඛාවිතරණ විශුද්ධිය
5. මග්ගාමග්ග ඤාණ දස්සන විශුද්ධිය
5. පටිපදා ඤාණදස්සන විශුද්ධිය
7. ඤාණදස්සන විශුද්ධිය
Read More
තෙරුවන් සරණයි ....!
බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය
ප්‍රශ්න සියල්ලටම පිළිතුරු ලියන්න
1. බහුශ්‍රැති හා පඤ්ඤතිවාද යන නිකාය දෙක බිඳී ගියේ කවර නම් නිකායෙන් ද?
2. මෙම නිකාය දෙක ආරම්භ කරන ලද්දේ කවරෙකු විසින් ද?
Read More
තෙරුවන් සරණයි ....!
සිගාලෝවාද සූත්‍රය
සූත්‍ර පිටකය : දීඝ නිකාය : (31) සිගාලෝවාද සූත්‍රය
නිධාන කතාව :
බුදු රජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයේ වැඩ සිටින කල්හි, එක උදෑසනක පිඩු සිඟා වඩින කල, සිඟාලක නම් වූ එක ගෘහපතියෙක් තෙත් වූ හිසකෙස් ඇතිව, තෙත වස්ත්‍රයන් පිටින් දිශා හයකට වැඳ නමස්කාර කරන ආකාරය දුටහ.
එකල්හි බුදුන් වහන්සේ ඔහුගෙන් "කවර හේතුවක් නිසා මෙසේ සදිශාවන්ට නමස්කාර කරත් දැ" යි විමසූහ.
Read More
තෙරුවන් සරණයි ....!
කැඳත් පුදා දෙව්ලොව යති ( සීහළවත්ථු කතා )
මහරජ, මම ඔබට සාධුකාර නො දුන්නෙමි'. මම චුල්ලී උපාසිකාවටත්, ඇය දුන් දානයටත් සාධුකාර දුන්නෙමි. ඇය මුදිතා ගුණයෙන් පරිපූර්ණ ය. බොහෝ ශ්‍රද්ධාවන්තී ය. ඇය රහතන් වහන්සේ උදෙසා දනක් පූජා කළෙන් මම මෙසේ සාධුකාර දුන්නෙමි කී ය.
ඈත අතීතයේ පියංගුදීප නමින් දිවයිනක් විය. ඒ දිවයිනේ ෂඩ්අභිඥාලාභි වූ මහත් සෘද්ධි ඇති කනපියපුත්ත තිස්ස නම් රහතන් වහන්සේ නමක් වැඩ සිටියහ. උන්වහන්සේ ගේ ඇසුරෙහි චුල්ලනාග නමින් සෘද්ධිමත් කීකරු සාමණේරයන් වහන්සේ නමක් වාසය කළේ ය.
Read More
තෙරුවන් සරණයි ....!
🌷 සිත ජය ගැනීමේ මඟ 🌷
අප ජීවිතයේ සිදුකරන සෑම ක්‍රියාවකදීම සිත මුල් වේ. මනැස, චිත්තය යනාදිය ‘සිත’ යන්නට සමානව පවතින වචනයන් ය.
සිතක මහිමය හඳුනාගැනීමට එහි ක්‍රියාකාරිත්වය සහ ප්‍රයෝජන පිළිබඳ අධ්‍යයනය කළ යුතුව ඇත.
Read More
තෙරුවන් සරණයි ....!
අතිපූජනීය නාඋයනේ අරියධම්ම ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මාහිමිපාණන් වහන්සේ
*☸සඳමඩල බැස ගියේය*
*🌹"ශ්රී සම්බෝධි" බෞද්ධයා සදහම් සගරාවේ පළවූ ලිපියකි...*
*☸''ශ්රීමත් සුගත තථාගත ශ්රී සම්බුද්ධ පාදස්පර්ශයෙන් පරම පවිත්රත්වයට පත් වූ ජය භූමිය වන මේ ශ්රී ලංකාද්වීපයෙහි ත්රිවිධ ශාසනභාරධාරී ව වැඩ විසූ ශ්රී කල්යාණි යෝගාශ්රම සංස්ථාධිපති, ප්රධාන අනුශාසක මහා කම්මට්ඨානාචාරය, ත්රිපිටක ධරාචාරය, ත්රිපිටක වාගීශ්වරාචාර්ය, ශාසනධජ අතිපූජනීය නාඋයනේ අරියධම්ම ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මාහිමිපාණන් වහන්සේගේ සම අසූවන ජන්ම සංවත්සරය අප්රේල් මස 24 වැනි දිනට සැමරෙයි. ඒ මහෝත්තම සංඝ පිතෘන් වහන්සේට මෙම ලිපිය උපහාර පූජාවක් ම වේවා''*
Read More
තෙරුවන් සරණයි ....!
පංචඋපාදනස්‌කන්ධය මාරයා වූ කළ කුසල්, අකුසල් සිතත් මාරයා බවටමයි පත්වන්aනේ
පිංවත් ඔබ විවේකීව සිටින විට අතීත භවගමනේදී පංචඋපාදානස්‌කන්ධය නිත්‍යභාවයෙන් ගැනීම නිසා සකස්‌කොටගත් දුක් කන්දරාව නුවනින් දකින්න. කුසල් සිත් නිත්‍යභාවයෙන් ගැනීම නිසා දිව්‍ය, බ්‍රහ්ම, මනුෂ්‍ය ජීවිත.... ඒවා නිසා ලැබු ආශ්වාදය.... ආශ්වාදය නිසා ලැබුණු ආදීනවය....
Read More
තෙරුවන් සරණයි ....!
පවුලේ සාමයට බිරිඳකගේ වගකීම
පවුලේ සාමයට බිරිඳකගේ වගකීම
බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන සමයෙහි අනේපිඬු සිටුවරයාගේ සුජාතා නම් ලේලිය අරබයා මෙම ජාතකය දේශනාකොට වදාළහ. විශාඛා මහා උපාසිකාවගේ නැගණිය වූ සුජාතා සිටු දියණිය අනේපිඩු සිටුවරයාගේ පුතණුවන්ට විවාහ කර දෙන ලදි. එම සිටු දියණිය විවාහ ප්‍රාප්තව ස්වාමියාගේ නිවසට ගිය දිනයේ පටන් එහි සේවක සේවිකාවන් සමගත්, තම ස්වාමි පුරුෂයා සමගත්, නිතර නිතර අඩ දබර ඇතිකරගත්තාය. එක් දිනක් බුදුරජාණන් වහන්සේ අනේපිඬු සිටුවරයාගේ නිවසට වැඩම කළ අවස්ථාවක අඬදබර කරන ශබ්දය අසා එයට හේතු කවරේදැයි සිටුවරයාගෙන් විමසුහ.
Read More
තෙරුවන් සරණයි ....!
ිච්ඡා වාචාවන් අසන්නට භික්‍ෂුව කරපු අකුසලය කුමක්ද කියලා
මීට සති දෙකකට පෙරාතුව, රන් තැඹිලි පැහැයෙන් ප‍්‍භාෂ්වරව ආලෝකවත් වූ, නව යොවුන් වෙසක් සඳ, රූපයේ, වේදනාවේ, හඳුනා ගැනීමේ, අනිත්‍යභාවය මොනවට කියාපාමින්, ආකාශයෙන් අතුරුදන්ව ගිහිල්ලා, කැලෑ පරිසරය තිත්ත කළුවරයි.
තොරතෝංචියක් නැතිව කෑගසන, මුහුණ රවුම්, ලාදුඹුරු පැහැති, කුඩා බස්සාගේ ගොරෝසු කටහඬ, කැලය දෙසින් ඇසෙනවා. අපි හැමෝම කැමැතියි, මිහිරි වචන, පි‍්‍රයවචන, සත්‍ය වචන අහන්න, නමුත් අපේ මොකක්දෝ කරුමයකට, අපිට අසන්නට ලැබෙන්නේම, අමිහිරි, අපි‍්‍රය, අසභ්‍ය, මිච්ඡා වාචාවන්මයි.
Read More
තෙරුවන් සරණයි ....!
ලොව කාන්තා උත්තමාවිය යසෝදරා හෙවත් භද්දකච්චානා මහ රහත් තෙරනිය පිරිනිවන් වැඩීමට පෙර බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට කල පාපොච්චාරණය !!
යසෝදරා දේවිය ගැන නොදන්නා බෞද්ධයෙක් සිටිය නොහැක. ඇය අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගිහිව සිටි කාලයේ ඔහුගේ බිසවය. සිදුහත් කුමරුගේ බිසවය. බුදුරජාණන් වහන්සේගේ එකම පුතු රාහුල කුමාරයාගේ මෑණියෝය. ඇයගේ පියාණන් වූයේ සුප්‍රබුද්ධ රජතුමාය. මව වූයේ අමිතා බිසවය. සොහොයුරා දේවදත්තය. බුදුන් උපන් මොහෙතේම උපත ලද යසෝදරා මුලින් හැඳින්වූයේ බිම්බා දේවිය නමිනි. ඒ ඇය බිම්බ රූපයක් මෙන් අතිශය රූපසම්පන්නව වූ නිසාය. පසුව ඇය යසෝදරා නමින් හැඳින්වීය. ඒ ඇය සය අනූලක්‌ෂයක් කාන්තාවන්ගේ අග රැජිණිය දැරූ නිසාය. යසෝදරා යනු යස පිරිවර දරන්නී යන අදහසයි. රහත්වූ පසු ඇය භද්දකච්චානා තෙරණිය වූවාය.
Read More
භික්‍ෂුවට මේ තැනට එන්න උපකාරී වුණේ මේ අතීත කුසල් ශක්‌තියමයි. මේ කුසල් ශක්‌තිය භික්‍ෂුව මතුකරගන්නේ ගිහි කාලයේ පිංකම් සහ සමාජසේවය තුළිනුයි. කොටින්ම අනුන්ව සතුටුකිරීම තුළින්. තමා ළඟට පැමිණෙන සේවාදායකයා තමා ළඟට පැමිණෙන කිනම් මනුෂ්‍යයෙක් වුවද අවම තරමින් සිනාවකින් හෝ සතුටුකිරීමට ඔබට හැකිනම්, ඔබේ සතුට අනුනගේ සැපය උදෙසා කැපකිරීමට ඔබ දක්‍ෂනම්, එය තමයි ගිහි පිංවතාගේ අතහැරීම කියන්නේ. අනුන් සතුටුවෙනවා දැකලා එම සතුටින් ඔබේ ආධ්‍යාත්මය ශක්‌තිමත් කරගන්න. ඔබ වාඩිවෙලා යන බස්‌රථයේ ආසනය අවශ්‍ය කෙනකුට පරිත්‍යාග කිරීමට ඔබ අකමැතිනම් ඔබ සෝවාන් ඵලයට පත්වෙන්න කලබල වෙන්න අවශ්‍යවෙන්නේ නැහැ. ඔබ සිනාවකින් තව කෙනෙක් සතුටු කරන්න අකමැතිනම් ඔබ සෝවාන් ඵලයට පත්වෙන්න කලබල වෙන්න එපා.
පිංකමක් සිද්ධකරනවිට සෑම මොහොතකම එම පිංකම විචිත්‍ර ආකාරයට සිද්ධ කරන්න.
Read More
භික්ෂුව අද උදෑසන පිණ්ඩපාතයේ වැඩම කිරීමට කැලයෙන් මහපාරට අවතීරණය වෙද්දී, පාරේ අයිනේ තිබෙන ගස් සෙවණේ, තැන් තැන්වල බත් ඔතාගෙන පැමිණි පත්තර කොල, තැඹිලි කෝම්බ, වරකා ගෙඩියක් අනුභවකොට ඉතිරි අපද්‍රව්‍ය තැන් තැන්වල දමලා.
පාසල් නිවාඩුව නිසා වන්දනාවේ යන, විනෝද ගමන් යන වාහන මේ දිනවල පාරේ හුඟාක් වැඩියි. එම පින්වතුන්ලා කෑම කන්න කැලය අයිනේ වාහනය නවත්වලා, ආහාරයෙන්
Read More
තේමිය ජාතකය - අධිෂ්ඨාන පාරමිතාව
තෙරුවන් සරණයි ...!
එක් කලෙක අප මහා බෝසතාණන් වහන්සේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජතුමාගේ පුත් කුමරෙක් වී උපන්නා. ඒ කුමාරයාගේ නම තේමිය.
දිනක් රජතුමා තේමිය කුමරු උකුලේ හිඳුවාගෙන රාජ සභාවේ දී සොරුන්ට දඬුවම් නියම කරමින් සිටියා. ඒ දඬුවම් ඉතා දරුණු යි. එක් සොරෙක් සිර කරන්නටත්, තව කෙනෙකුට ආයුධවලින් පහර දෙන්නටත්, තව කෙනෙක් උල තබන්නටත් අණ කළා.
පුංචි තේමිය කුමාරයා හරිම නුවණක්කාර යි. විමර්ශනශීලි යි. ඔහුට මෙසේ සිතුණා.
”මගේ පියා මේ රටේ රජතුමා යි. අනේ! ඒත් ඔහු මොනතරම් නම් පව් කර ගන්නවා ද?” මෙසේ කල්පනා කරමින් සිටින කුමාරයාට පෙර ජාති සිහි කිරීමේ හැකියාව ඇති නුවණ පහළ වුණා. තමා මීට පෙර ජාතියක දී අවුරුදු විස්සක් රජකම් කර ඇති බවත්, ඒ කාලයේ දී කරගත් පව් ගෙවන්නට ඔසුපත් නමැති අපායේ ඉපදී අවුරුදු අසූ දහසක් විපාක විඳි බවත්, පුංචි කුමාරයාට සිහිවුණා. ඒ වෙලාවේ සිටම මේ කුමාරයා කල්පනා කළේ මේ ජීවිතයේ දී රජකම නො ගෙන එයින් ගැලෙන්නේ කෙසේද යනුවෙනු යි.
Read More
තේමිය ජාතකය - අධිෂ්ඨාන පාරමිතාව
තෙරුවන් සරණයි ...!
එක් කලෙක අප මහා බෝසතාණන් වහන්සේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජතුමාගේ පුත් කුමරෙක් වී උපන්නා. ඒ කුමාරයාගේ නම තේමිය.
දිනක් රජතුමා තේමිය කුමරු උකුලේ හිඳුවාගෙන රාජ සභාවේ දී සොරුන්ට දඬුවම් නියම කරමින් සිටියා. ඒ දඬුවම් ඉතා දරුණු යි. එක් සොරෙක් සිර කරන්නටත්, තව කෙනෙකුට ආයුධවලින් පහර දෙන්නටත්, තව කෙනෙක් උල තබන්නටත් අණ කළා.
පුංචි තේමිය කුමාරයා හරිම නුවණක්කාර යි. විමර්ශනශීලි යි. ඔහුට මෙසේ සිතුණා.
”මගේ පියා මේ රටේ රජතුමා යි. අනේ! ඒත් ඔහු මොනතරම් නම් පව් කර ගන්නවා ද?” මෙසේ කල්පනා කරමින් සිටින කුමාරයාට පෙර ජාති සිහි කිරීමේ හැකියාව ඇති නුවණ පහළ වුණා. තමා මීට පෙර ජාතියක දී අවුරුදු විස්සක් රජකම් කර ඇති බවත්, ඒ කාලයේ දී කරගත් පව් ගෙවන්නට ඔසුපත් නමැති අපායේ ඉපදී අවුරුදු අසූ දහසක් විපාක විඳි බවත්, පුංචි කුමාරයාට සිහිවුණා. ඒ වෙලාවේ සිටම මේ කුමාරයා කල්පනා කළේ මේ ජීවිතයේ දී රජකම නො ගෙන එයින් ගැලෙන්නේ කෙසේද යනුවෙනු යි.
Read More
බුදු සසුන බැබළ වු අසූ මහා ශ්‍රාවකයෝ
රහතන් වහන්සේලා ගැන ඇසීම පවා ඉතා දුර්ලභ කරුණකි.මේ උතුම් රහතන් වහන්සේලා පහල වන්නේ ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයෙහි පමණි...
මේ භද්‍රකල්ප යේ බුදුවරුන් පස්දෙනෙකු බිහි වන්නේය. කල්පයේ මුලින්ම කකුසඳ භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වූ සේක. උන්වහන්සේට හතලිස් දහසක සංඝ පිරිසක් පරිවාර වූහ. දෙවනුව කෝණාගමන භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වූ සේක. උන්වහන්සේට තිස් දහසක සංඝ පිරිසක් පරිවාර වූහ. තුන්වෙනුව කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වූ සේක. උන්වහන්සේට විසි දහසක සංඝ පිරිසක් පරිවාර වූහ. සතර වෙනුව අප ගෞතම භගා්‍යවතුන් වහන්සේ ලොව පහළ වූ සේක. ගෞතම බුදුරජාණන්වහන්සේට ඉතා විශාල ශ්‍රාවක පිරිසක් වූහ.මේ ශ්‍රාවක පිරිස අතුරෙන් එක් එක් ක්ෂේත්‍රයන්හි අති විශිෂ්ටත්වයට පත්වූ ප්‍රධාන ශ්‍රාවක පිරිසක්ද වුහ.එම ශ්‍රාවක පිරිස සංඛ්‍යාවෙන් අසූවකි.අසූ මහා ශ්‍රාවකයන් වශයෙන් හැදින්වෙන්නේ එම සුවිශේෂ ශ්‍රාවකයෝය.
Read More
එළඹෙන වසරේදී විශේෂයෙන්ම දෙමාපියන් මේ කාරණාව ගැන අවධානය යොමු කළොත් ඉතාම වටිනවා
එළඹෙන වසරේදී විශේෂයෙන්ම දෙමාපියන් මේ කාරණාව ගැන අවධානය යොමු කළොත් ඉතාම වටිනවා. මන්ද දෙමාපියන්, දරුවන් නිසා බරපතල අකාරයට අකුසල් මූලයන් සකස්‌කර ගන්නා බව පෙනෙන්නට තිබෙනවා. වෙස්‌සන්තර ජාතකයේ ජූජක බමුණා, ජාලිය සහ ක්‍රිෂ්ණජිනා දරුවන් දෙදෙනා පහර දෙමින් අරගෙන ගියා වගේ, නිරතුරුවම කේන්තියෙන් දරුවන්ට පහර දෙන දෙමාපියන් සමාජයේ සිටිනවා. දරුවන්ට පහර දෙනවා කියන කාරණය මනුෂ්‍ය ධර්මවලට ගැලපෙන කාරණයක් නම් නෙවෙයි. මේ සටහන් තබන භික්‍ෂුව මේ ලෝකයේ දකින්න අකැමැතිම දෙයක් තිබෙනවා, ඒ තමයි දරුවන් හඬනවා දැකීම. භික්‍ෂුව උදේ 6.30 ට ගම්මානවල පිණ්‌ඩපාතයේ වඩිනකොට දරුවන් පාසල් ගමනට සූදානම් කරන්න ගිහිල්ලා දරුවන්ට ගහන අම්මලා ගොඩාක් දැකලා තිබෙනවා.
Read More
සත් කල්ප නරකය -දාන මාන පින්කම් කරන අයගේ සිත් කළකිරවන්න එපා
සත් කල්ප නරකය
මේ කල්පය මහා කල්ප හයක් දුක් විඳින්න තිබෙන නරකය යි. මෙහි උපත ලබන්නේ දාන, ශීල, භාවනා, පින්කම් කරන අයගේ සිත් කලකිරවන්නන් ය. දන් දෙන්න එපා, සිල් රකින්න එපා, භාවනා කරන්න එපා, මේ ස්ථානයට දන් දෙන්න එපා යනුවෙන් කෙනෙකුගේ සිත කළකිරවීම යි. ඒ වගේම බුද්ධ, ධම්ම. සංඝ රත්නත්‍රයට සිල් වතුන්ට , ගුණ වතුන්ට දෝෂාරෝපණය කරන, අසභ්‍ය වදනින් බැණ වැද දාන මානාදී පින්කම් කරන අයගේ සිත් කිළිටි කරන නිසා, ඒ අය මහා කල්ප හයක් ආයු ඇති, මේ කියන සත්කල්ප නරකාදියට වැටී දුක් විඳියි. එතැන සිටින යම පල්ලන් විසින් ඇදගෙන ගොස් ඒ නරකයට දමා දිය යුතු දෙතිස් වධයම දෙයි. අතපය කපා දමනවා, උල තියනවා , එසේම කෙස් වැටියෙන් ඇද දමා එහෙ මෙහෙ ඇද දමනවා, ගින්නට දමනවා. මෙලෙස අපායේ ඇති සියලුම දඬුවම් ලබා දෙයි. ඒ නිසා හොඳට මතක තබා ගත යුත්තේ දාන මාන පින්කම් කරන අයගේ සිත් කළකිරවන්න එපා. දාන මාන පින්කම් කරන අයගේ ගුණ පවසන්න, එයට සහාය දී උපකාර කරන්න. බුද්ධ, ධම්ම , සංඝ ආදී රත්නත්‍රයට, සිල්වතුන්ට, ගුණවතුන්ට දෝෂාරෝපණයෙන් වැළකිය යුතු යි. බුදු ගුණ, දහම් ගුණ, සඟ ගුණ පැවසිය යුතු යි. එබඳු අය මනු ලොව ද, දෙව් ලොව ද උපත ලබා ලැබිය යුතු සියලුම සම්පත් ලබයි. මෙම අපායෙන් වැළකී සුගතියකම වාසය කර, නිවන් සම්පත් ලබයි.
(කහගොල්ලේ සෝමවංශ හිමි)
දස පින්
සනීපය ආරක්ෂා කැරැ ගැන්මෙන් ඇඟ හොඳට වැඩෙයි. ඇඟේ හයි හත්තිය ඇති වෙයි. වැඩි කලක් සැප සේ ජීවත්විය හැකි වෙයි. එසේ ම හිතේ සනීප ගතිය රැක ගැන්මෙන් හිතේ සක්තිය, හිතේ හයිය වැඩි වෙයි, හිත දියුණු වෙයි.
හොඳ ගුණයට පැහැදීම, නරක ගතියෙක් තමා තුළ ඇති නො වන්නට පරිස්සම් වන ගතිය, නරක කැත ගතිවලට නො කැමති කම (හෙවත් පිළිකුල), ලෝභ නැති කම, තරහ නො වෙන ගතිය, ඇත්ත ඇති හැටියට දකින ගතිය යන ආදි ගති ලෙඩ නැති හිතේ ලකුණු ය. මේ හොඳ ගති හිතේ පුරුදු වීමෙන් සිත තුළ වැඩී යෑමෙන් හොඳ දෑ කිරීමට හිත නැමේ. මෙ සේ හොඳ හිතෙන් කරන ඒ හොඳ දෑවලට පින් ය කියා නෙමෙකි. ‘පින්’ යන වචනයේ මුල් තේරුම නම් “එය කරන්නහු ගේ හිත සුද්ද කරන දැ ය” යනුයි. හිතේ හොඳ ගති දියුණු වීමෙන් කරන හොඳ ක්‍රියා දහවගෙකි. ඒවාට දස පින් යැයි කියත්.
1. ඉන් පළමු වැන්න දීම යි.
අපට වැඩියෙන් හොඳ වු අය සිටිති. අපට වඩා හික්මීම ඇති, අපට වඩා කරුණාවන්ත, ලොව හැම දෙනා ම ගැන තමාට මෙන් ම ආදරය පවත්තන, අනුන් ගැහුවත් බැන්නත් තරහ නැති ව ම ඒ සියල්ල ඉවසන, මේ ආදි වශයෙන් හොඳ ගතිවලින් අපට වඩා දියුණු වුණු අය සිටිති. එබඳු හොඳ ගුණ, උසස් උතුම් දෑ හැටියට සලකන අප තුළ, එබඳු ගති ගුණ අපට වඩා දියුණු වී ඇති අය ගැන ද සැලකිල්ලත් ආදරයක් ඇති වේ. එබඳු අයට සැලකිලි දක්වන්නට, වඳින්නට පුදන්නට, අපේ හිත නැමෙයි. එහෙම ඇත්තනට එතුමන් පුරන ඒ ගුණ දහම් දියුණු කිරීමට උදව් දීමක් වශයෙන් සලකන්නට ද අපේ සිත නැමේ. අප සතු දෑ කෙරෙහි අප තුළ ඇති ඇල්ම පවා අත්හැරලා ඒ වා වියදම් කැරැ ඒ උතුමනට හොඳින් සලකන්නට අපට සිතෙයි. එබඳු උතුමනට කෑම පීම ආදිය දීමෙන් සැලැකිලි දැක්වීම එක් දීමෙකි.
Read More